20 October 2025

logo

උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර 02ක් අවලංගු කරයි



උඩරට දුම්රිය මාර්ගයේ අද (20) පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට මහනුවර සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය 02ක් අවලංගු කර තිබෙනවා.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (19) පිලී පැනීමකට ලක්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවයි.
 
දුම්රිය මාර්ගය ආසන්නයේ ඊයේ (19) සුළු නායයෑම් තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් මෙම පීලි පැනීම සිදු වී තිබෙනවා.

මෙලෙස දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)