20 October 2025

logo

භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් මුහුදට කඩා වැටෙයි



හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන්යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන්යානයක් මෙලෙස අනතුරට පත්වී තිබෙනවා. 

එම අනතුරින් ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේ නමුත් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙක්ගේ දිවි ගලවා ගැනීමට සමත්වී ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)