අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්.
මෙම ඒකකය පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා තිබෙනවා.
2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා මෙම නව කොට්ඨාසය පිහිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම කොට්ඨාසය මඟින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු වනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට වසර 03ක කාලයක් සඳහා මෙම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පත්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කර තිබෙනවා.
(colombotimes.lk)