20 October 2025

logo

අයිස් සමඟ උම්බලකඩ වෙළෙන්දෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගත් උම්බලකඩ වෙළෙන්දෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කුඩාවැල්ල බටහිර මොදරවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)