31 May 2026

logo

සංචාරකයන්ගේ පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක්



මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට ජූලි මස 27වනදා දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයන් 1,341,953ක් පැමිණ ඇති බවයි.
 
ඉන් වැඩි දෙනෙක් ඉන්දීය ජාතිකයන් වන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 274,919ක් ලෙසයි. 

ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තොරතුරු ඉදිරිපත් කර ඇති පරිදි ජූලි මාසයේ ගතවූ දින 27ක කාලය තුළ සංචාරකයන් 173,909දෙනෙක් දිවයිනට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)