වනඅලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තවත් අලිමංකඩ 03ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ හම්බන්තොට වනඅලි කළමණාකරන රක්ෂිතයේ සිට බූන්දලට වනඅලි ගමන් ගන්නා මාර්ගය, වැඩහිරාකන්ද අලි කළමණාකරන රක්ෂිතයේ සිට උඩවලව ජාතික වනෝද්‍යානයට අලි ගමන් ගන්නා මාර්ගය සහ හදපානාගල හරහා දෙමෝදර දක්වා අලි ගමන්නා මාර්ග 03 අලි මංකඩ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඉදිරියේදී එම අලි කොරිඩෝ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙම අලි මංකඩවල පවතින නිවාස සහ වගා කරන කුඹුරු ඉඩම්ද ඉවත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)
