ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 03කට එල්ල කළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (23) මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව සිදු කළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී Mohammad Eslami ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත ලිඛිත දැනුම්දීමක්ද මේ වන විට සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුවී නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර ඇති බවයි.
(colombotimes.lk)