17 October 2025

logo

Fitch Ratings ආයතනයෙන් විශේෂ සහතිකයක්



Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය 'CCC+' ලෙස තහවුරු කර තිබෙනවා.

එම ආයතනය සඳහන් කළේ එක්සත් ජනපදයේ තීරුබදු තිබියදීත් බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවයි. 

එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද ශ්‍රී ලංකාවේ 'CCC+' ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)