13 July 2025

logo

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ කොමිසමක්



ශ්‍රී ලංකාව සහ ඉරානය අතර විශේෂ කොමිසමක් පිහිටුවන ලෙස ඉරාන බලශක්ති අමාත්‍ය අලි අක්බර් (Ali Akbar Mehrabian) මහතා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ, ඒකාබද්ධ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික සහයෝගිතා කොමිසමක් පිහිටුවන ලෙසයි.

මෙම කොමිෂන් සභාව දියත් කිරීමෙන් දෙරට අතර වෙළඳ හා ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රශස්ත ලෙස ඉහළ නැංවීමට උපකාරී වන බව ඉරාන බලශක්ති අමත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, දෙරට අතර සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් බොහෝ විභවයන් ඇතිකර ගතහැකි බවයි.
(colombotimes.lk)