වාහන ආනයනය සම්බන්ධයෙන් පැවති සීමා කිහිපයක් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් 29වනදා නිකුත් කළා.
මේ අතර සංශෝධිත ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත් කෙටුම්පත අනුමැතිය සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නූතන අවශ්‍යතා මත පදනම් වූ සංශෝධන කිහිපයක් ඊට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නියෝමි ජයවර්ධන සඳහන් කළා.
(colombotimes.lk)
