ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් අතර හමුවක් ඊයේ (20) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.
එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.
මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාවද පළ කර තිබෙනවා.
(colombotimes.lk)