තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මඟින් අනු කමිටු 2ක් පත් කර තිබෙනවා.
ඒ මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්.
ඒ අනුව ක්‍රීඩා කටයුතු අනු කමිටුව සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, මයිල්වාගනම් ජෙගදීස්වරන්, නීතිඥ හිරුනි විජේසිංහ පත් කර තිබෙනවා.
එමෙන්ම තරුණ කටයුතු සඳහාවූ අනු කමිටුව වෙනුවෙන් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, දිනිඳු සමන්, කෝසල නුවන් ජයවීර පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)