කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වා ගෙන ගිය NEXT ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් අද (22) විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ආයෝජන මණ්ඩලය, කම්කරු දෙපාර්තමේන්තුව සහ අදාළ සමාගමේ නියෝජිතයන් අතරයි.
මෙම කර්මාන්තශාලාව වසා දැමීම හේතුවෙන් එහි සේවක සේවිකාවන් 1400ක් පමණ අසීරුතාවයට පත්වී තිබෙනවා.
(colombotimes.lk)