24 August 2025

logo

විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් කොළඹදී



විපක්ෂයේ දේශපාලනඥයන් සහ පක්ෂ නායකයන් එක්ව විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. 

ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදීයි. 

මෙම සාකච්ඡාව අද (23) දහවල් 12.00ට පමණ ආරම්භ වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා. 

මෙම සාකච්ඡාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)