පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ පසුගිය කාලයේ සිදු වූ එවැනි වංචා හා දූෂණ පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
මීට අමතරව අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කළ විගණන වාර්තා මඟින්ද ඒ පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ එම ඇතැම් දූෂණ හා අක්‍රමිතා මේ වන විට අනාවරණ වෙමින් පවතින බවයි.
මහ නගර සභාවල සිදුවී ඇති වංචා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)