10 February 2025


විදුලිය බිඳවැටීමට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක්



මුළු දිවයිනටම ඊයේ (09) සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවක් විසින් විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළා.

(colombotimes.lk)