15 January 2026

logo

සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 08කට පසු විවෘත වෙයි



සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊයේ (25) යළි විවෘත කර තිබෙනවා. 

පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර එමනිසා රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

ඒ අනුව ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමඟ ඊයේ (25) පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙසේ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබෙනවා. 

(colombotimes.lk)