26 December 2025

logo

නායයෑමට ලක්වූ රෝහල් 08ක් වෙනත් ස්ථාන වෙත



නායයෑම් හේතුවෙන් හානියට පත් රෝහල් 08ක් වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ආපදාවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩිනමින් නගා සිටුවීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
 
එමෙන්ම ආපදාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වූ හානිය රුපියල් මිලියන 21742ක් ලෙස ගණන් බලා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)