මේ වන විට අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බවයි.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටුවා තිබෙනවා.
එහෙත් එම සියලු කුළුණු මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
