ඉන්දියාවේදී බස් රථයක් කන්ටේනර් රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 06දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
කර්ණාටක ප්‍රාන්තයේ සිට බැංගලෝර් බලා ගමන්ගත් බස් රථයක් ඊයේ (25) මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
එම අනතුර සිදුවීමත් සමඟ බස් රථය ගිනි ගැනීමකට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මියගිය අය අතර බස් රථයේ මගීන් මෙන්ම ට්‍රක් රථයේ රියදුරු ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 33දෙනෙක් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
2021 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දියාව පුරා බස්රථ ගිනි ගැනීම් සිදුවීම් 45ක ප්‍රමාණයක් සිදු වී තිබෙනවා.
ඉන් කර්ණාටක ප්‍රාන්තයෙන් පමණක් බස් රථ ගිනිගැනීම් අනතුරු 3ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම කාලය තුළ පුද්ගලයන් 64ක් මියගොස් 145ක් තුවාල ලබා තිබෙනවා.
(colombotimes.lk)
