06 March 2025


ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ හමුවක්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (05) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී 2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු සම්පූර්ණ බදු ආදායම එකතු කර ගැනීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

(colombotimes.lk)