06 March 2025


පාසල් සිසුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක්



මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වරලත් ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදීයි.

මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ආචාර ධර්ම පිළිබඳව යහපත් ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)