06 March 2025


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉදිරියේදී බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976දෙනෙක්ට මෙම මස මැද වන විට පත්වීම් ලබාදෙන  බවයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238දෙනෙක්ට, ඖෂධවේදීන් 65දෙනෙක්ට, වෘත්තීය චිකිත්සකවරුන් 43දෙනෙක්ට සහ විකිරිණ ශිල්පීන් 41දෙනෙක්ට පත්වීම් ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර හෙද නිලධාරීන් 3,147දෙනෙක්ට අප්‍රේල් මස පත්වීම් ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

 
(colombotimes.lk)