06 March 2025


තැපෑල නවීකරණය කරයි



තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස ප්‍රකාශ කළා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ නුවරඑළිය, කොළඹ, ගාල්ල, නුවර වැනි තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන බවට පත් කරන බවයි.

එමෙන්ම නව තැපැල් කාර්යාල 14ක් ඉදි කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)