06 March 2025


ජනතාවට දැනෙන ඖෂධ මිල අඩු කිරීමකට රජය සැරසෙයි



ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම අඛණ්ඩ සහ ගුණාත්මක ඖෂධ සැපයීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)