පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (06) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල අද රුපියල් 864,856ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (05) සටහන් වුණේ රුපියල් 860,233ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 223,750ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,970ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 26,700ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)