19 October 2025

logo

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්



ලබන 28 වනදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. 

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. 
 
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරි දින කිහිපයේ කොළඹින් පිටතට යාමෙන් සහ විදෙස් ගමන් වලින් වලකින ලෙස ද දැනුම් දී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
(colombotimes.lk)