05 February 2025


කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්



සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අවශ්‍ය පුද්ගලයන්ට 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසයි.  

ඉහත දුරකථන අංකය මඟින් දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ. කේ. ඒ. ජයසුන්දර ප්‍රකාශ කළා.

(colombotimes.lk)