01. ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්
2025 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09වන දින සිට 2025.09.22වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බවයි.
මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ යන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
02. පිළිකා මර්ධනයට එන්නතක් සොයා ගනියි
එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට රුසියාව සමත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත් එමඟින් 100%ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවයි.
mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයන් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
03. ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධනයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බවයි.
04. නේපාල අගමැති ඉල්ලා අස්වෙයි
රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භක්තපූර්, බෝල්කොට්හී ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවයි.
05. රාජිතට අධිකරණයෙන් දුන් නියෝගය
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහුගේ විදේශ ගමන් ද තහනම් කරන බවටත් නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
06. නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තබයි
නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වූ බවයි.
භක්තපූර්, බෝල්කොට්හී පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින දෙකෙහි පැවති විරෝධතාවලදී පුද්ගලයින් 19දෙනෙක් මිය යාමෙන් පසු නේපාලය Facebook ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කළ බවයි.
07. නේපාල ජනපතිත් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
නේපාලයේ ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් එරට පවතින දැවැන්ත විරෝධතා හමුවේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි.
නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වන විට දූෂණයට එරෙහි සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කරන විරෝධතා දක්වා වර්ධනය වී තිබෙනවා.
(colombotimes.lk)