10 September 2025

logo

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තබයි



නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වූ බවයි. 

භක්තපූර්, බෝල්කොට්හී පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින දෙකෙහි පැවති විරෝධතාවලදී පුද්ගලයින් 19දෙනෙක් මිය යාමෙන් පසු නේපාලය Facebook ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කළ බවයි. 

(colombotimes.lk)