මෙක්සිකෝවේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එම අනතුරින් කාන්තාවන් 07දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරින් පුද්ගලයන් 41දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ තට්ටු දෙකේ බස් රථයක් මෙක්සිකෝවේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.
(colombotimes.lk)