13 December 2025

logo

බන්ධනාගාර රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්



අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (13) සහ හෙට (14) බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඥාතීන් රැගෙන එන ආහාර, රස කැවිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සල රැඳවියෙක්ට ප්‍රමාණවත් පරිදි  ලබාදීමට අවස්ථාව හිමිවන බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලු බන්ධනාගාර තුළ සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)