ආපදාවට ලක් වී අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජන මාධ්‍යයන් තුළ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසයි.
එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට, පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප, තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම සිදුවිය හැකි බවද අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ එම ප්‍රචාර සිදු කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.
(colombotimes.lk)
