22 December 2025

logo

ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්



දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයන් 120දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බවයි. 

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් කර තිබෙනවා. 


(colombotimes.lk)