21 December 2025

logo

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු



මාතර, කොටවිල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් යළි අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අධිකරණ කටයුතු සඳහා රැගෙන ආ අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා නිලධාරීන් මඟහරිමින් පළා ගොස් ඇති බවයි.

සැකකරුවන් පළායෑමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රදේශය පුරා දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් දෙදෙනා යළි හසුකර ගැනීමට හැකි වී තිබෙනවා.


(colombotimes.lk)