අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවයි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව නිරෝෂ් ආනන්ද වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
