ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.
ඒ අද (19) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින්,
මෝටර් රථ - ලීටර් 25ක්
ත්‍රීරෝද රථ - ලීටර් 20ක්
වෑන් රථ - ලීටර් 50ක්
යතුරුපැදි - ලීටර් 8ක්
බස් රථ - ලීටර් 100ක්
ඉඩම් වාහනය - ලීටර් 40ක්
ලොරි රථ - ලීටර් 200ක්
විශේෂ කාර්ය වාහනය - ලීටර් 40ක්
(colombotimes.lk)
