03 May 2026

logo

ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්



සියලු අරමුණු ඉටු කරගන්නා තුරු ඉරානයට ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි කාලසීමාව තුළ ඇමරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදු විය හැකි බවයි. 

කෙසේ වෙතත් ඉරානයේ නව නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකානු ජානාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සාකච්ඡා ඉතා කඩනමින් පැවැත්විය යුතු බවයි. 

මේ අතර ඊයේ (01) ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)