රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු වාලම්පූරි 10ක් සිය මෝටර් රථයෙහි සඟවා ගෙන අලෙවි කිරීම සදහා රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගනේමුල්ල පොලීසිය විසින් බවයි වාර්තා වන්නේ.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී තමන් වෙත මෙම වාලම්පූරි රැගෙන ගොස් අලෙවි කර දෙන ලෙස තමන් නොහදුනන පුද්ගලයෙක් විසින් කළ බවත් එම ඉල්ලීම මත තමන් ඒවා අලෙවි කිරීම සදහා රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු ගමන් කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරු හෙට දින ගම්පහ මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)