03 February 2025


Govpay පහසුකම එළඹෙන 07වනදා සිට



රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හදුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකරන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කර තිබෙනවා.



(colombotimes.lk)