03 February 2025


නිදහස් දිනයට සමඟාමීව ආචාර වෙඩිමුර 25ක්



නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් හෙට (04) දහවල් 12.00ට ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදීයි.

ශ්‍රී ලංකාව නිදහස ලද 1948 පෙබරවාරි මස 04වනදා නාවික හමුදාව විසින් ප්‍රථම වරට නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර ආචාරය පිරිනමා තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව නාවික හමුදාව විසින් පවත්වාගෙන එන බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාව සඳහන් කළේ වෙඩිමුර ආචාර පිරිනැමීම මිලි මීටර් 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදු කරන බවයි.

(colombotimes.lk)