මාතර දෙස සිට තිස්සමහාරාමය දෙසට කොළඹ වැල්ලවාය මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊයේ (02) බස් රථයක පිටුපස ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවන කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් ස්ථානය සඳහන් කළා.
(colombotimes.lk)