විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතොරමක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යක්කල හෙනරත්ගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව යක්කල පොලිස් ස්ථානය සඳහන් කළා.
(colombotimes.lk)