ආනයනික බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශය විසින්.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සෙනෙවිරත්න පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී. ජයසුන්දර, වෙළඳ හා යෝජනා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර පත් කර තිබෙනවා.
(colombotimes.lk)