03 February 2025


එක්සත් අරාබි එමීර් රාජ්‍යය වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනයට සැරසෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාලිඩ් අල් අමෙරි ප්‍රකාශ කළා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සමඟ පැවති සාකච්ඡාවකදීයි.

වරාය නගරයේ ඉදිකිරීමට නියමිත ගුවන් තොටුපළ පර්යන්තයක් සඳහා ආයෝජනය කිරීමටද එහිදී ඔවුන් එකඟ වී තිබෙනවා.

 
(colombotimes.lk)