කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 165.86කින් පහළ ගොස් තිබෙනවා.
එය පසුගිය 31වනදාට සාපේක්ෂව -0.97%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,956.86ක් ලෙසයි.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 3ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)