03 February 2025


රාජ්‍ය ආයතන විදුලියෙන් ආලෝකමත් කිරීමට ගත් තීරණය අවලංගු වෙයි



මෙවර 77වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10වනදා නිකුත් කළ චක්‍රලේඛනය සංශෝධනය කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ සඳහන් වුණේ  පෙබරවාරි මස 01වනදා සිට 07වනදා දක්වා කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.

එමෙන්ම සියලුම රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අද (03) සඳහන් කළේ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට ගත් තීරණය අවලංගු කළ බවයි.

විදුලිය අරපිරිමැස්ම සහ විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)