03 February 2025


මැතිවරණ කොමිසමේ අරමුණක් අතිරේක මැතිවරණ කොමසාරිස් කියයි



ඡන්දහිමි නාම ලේඛනයට සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන් අත් නොහැරෙන අකාරයට එම නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අරමුණ බව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් ප්‍රකාශ කළා.

ඒ ඡන්දහිමි නාම ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

සෑම වසරකම පෙබරවාරි 1වනදා ඡන්ද හිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය ලෙස නියම වී තිබෙනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ එම දිනයට තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් වන බවයි.

එම දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරනා සැළකිල්ලට ගෙන ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)