24 August 2025

logo

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර ප්‍රදේශයේදී අද (23) අලුයම සිමෙන්ති ලොරියක් සමඟ වාහන හතරක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. 

එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

සිමෙන්ති ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමත් සමඟම මෙම අනතුර සිදුවී තිබෙනවා.

සිමෙන්ති ලොරියේ පසුපස ගබඩා කර තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී විසිරී යාමෙන් පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී අනතුරට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)