04 July 2025

logo

වත්තේගම බිහිසුණු අනතුරක්



කුඩුගල සිට වත්තේගම හරහා මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වත්තේගම ඩිපෝවට අයත් බස් රථයක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මෙම අනතුර අරලිය උයන ප්‍රදේශයේදී සිදු වූ බවයි. 

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසළට පෙරළී ඇති අතර එහි ගමන්ගත් 15දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
 
එලෙස අනතුරට පත් තුවාලකරුවන් අතරින් 08දෙනෙක්  ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන අසළ දොර හදිසියේ විවෘත වී තිබෙන බවත් එය අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී බෑවුම වෙත ගමන් කර තිබෙනවා. 

එම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25දෙනෙක් පමණ ගමන්ගෙන තිබෙන අතර තුවාල ලද කිසිවෙකුත් බරපතළ තත්ත්වයේ නොමැති බවයි වාර්තා වන්නේ.
 
නමුත් අනතුරින් අදාළ නිවසට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)